අද දෙරණ හෙළිකිරීමෙන් පසු අවුකන පිළිමයේ අවදානමට ඇමතිගෙන් පිළියමක්
November 1, 2017 07:48 pm
අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්රත ප්‍රදේශයේ අකුණු අනතුරු වැලැක්විමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශවලට අද දෙරණ වාර්තා කිරීමෙන් අනතුරුව උපදෙස් ලබාදී තිබේ.
අවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිතවිමේ අවධානමක් පවතින බවට අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමි විසින් අද දෙරණට පවසා තිබුණි.
එම පුවත අද(01) උදෑසන පළ වීමත් සමග ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පල කර තිබේ.
මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ අවුකන බුද්ධ ප්‍රතිමාව වැනි බෞද්ධ උරුමයන් රැකගැනිම පිළිබඳව සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම මේ පිළිබඳ සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මන්ඩාවල මහතාට උපදෙස් ලබාදී තිබේ.