තවත් නිතිවිරෝධි ඡාවාරමක් උකුසු ඇසට

තවත් නිතිවිරෝධි ඡාවාරමක් උකුසු ඇසට

October 31, 2017   10:08 am

නිධානයකින් ලබාගත් බව පවසමින් රත්‍රං බුද්ධ ප්‍රතිමාවක් සහ වාරගං හෙවත් මරංචි නීති විරෝධී ලෙස පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ 50කට අලෙවිකිරීමේ සූදානමක් පවතින බවට ලද තොරතුරක් අනුව පොලොන්නරුව දිසා විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම්  ඒකකයේ නිලධාරීන් සමඟ අද දෙරණ උකුස්සා රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේය.

එහි පළමු පියවර ලෙස ජවාරම්කරුවෙකු ‍දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තේය.

ඒ අනුව ජාවාරම්කරුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති  එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත මහතා‍ගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් සමඟින් අද දෙරණ උකුස්සා රහසිගතව මැදිරිගිරිය වටදාගෙය ප්‍රදේශයට ළඟා විය.

එහිදී ජවාරම්කරු උපායදූතයෙකු සමඟින් ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

අනතුරුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී ජවාරම්කරුවන් සතුව තිබූ මරංචි හෙවත් වාරගං කිලෝවකට අධික ප්‍රමාණයක් සහ බුද්ධ ප්‍රතිමාවක් සොයාගත් අතර පසුව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වූණේ මෙම නිධානයකින් ලබාගත් බව පැවසූ භාණ්ඩ ව්‍යාජ ඒවා බවයි.

ඉදිරියේදීත් මෙවැනි ජාවාරම් පිළිබඳව රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අවධානයෙන්.