ඡන්දෙට යන්න අපිට කිසිම බයක් නෑ
October 22, 2017 08:37 pm
මැතිවරණවලට මුහුණ දීමට රජයට කිසිඳු බියක් නොමැති බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
සැබෑ ලෙසම මැතිවරණවල බියවී ඇත්තේ ‘රජය මැතිවරණ පරාජයට බියෙන් මැතිවරණ නොපවත්වන බවට මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකරන දේශපාලනඥයින් බව අමාත්‍යවරයා පවසයි.
මැතිවරණය කල් දැමීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් විසින් රජයට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් එස්.බී.දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ ද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයින් රැසක් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි එක්වීමට උත්සහ දරමින් සිටින බවයි.