සාමූහික වැඩපිළිවෙළකට එකතු වෙන්න
October 21, 2017 02:03 pm
රට වෙනුවෙන් සාමූහික වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු උගතුන්ට සහ බුද්ධිමතුන්ට ආරාධනා කරයි.
පවතින ගැටළු නිරාකරණය කරගනිමින් රට හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා සිය දැනුම් සහ අත්දැකීම් උපයෝගී කර ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
“ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රනාම“ සම්මාන උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට නම් සියලු පාර්ශවල සහයෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදිය යුතු බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.
රාජාංගණය ජලාශයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා මෙම අදහස් පළ කළේය.