හැටන්-කොළඹ මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට

හැටන්-කොළඹ මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට

October 21, 2017   02:00 pm



බාධා එල්ල වී තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව පොලීසිය පවසයි.

නායයෑමක් හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි.

 ගිනිගත්හේන පොලීසිය පැවසුවේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේ එම නායයෑම සිදුව ඇති බවයි.

අද අළුයම 2.30ට පමණ මෙම පස්කන්ද කඩා වැටී තිබූ අතර පැය 5ට පමණ පසුව මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.