වාරියපොල අතුරුදන් වූ සිසුවා දින 7ට පසු හමුවෙයි

වාරියපොල අතුරුදන් වූ සිසුවා දින 7ට පසු හමුවෙයි

October 21, 2017   11:15 am

      

වාරියපොල - පාදෙණිය ප්‍රදේශයේදී අතුරුදන්වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවා කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේදී වේල්ලවීදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අද (21) උදෑසන අදාළ සිසුවා වේල්ලවිදීය පොලීසිය බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මීට සතියකට පමණ ඉහතදී මෙම සිසුවා අතුරුදන්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් වාරියපොල පොලීසියේ පැමිණිල්ලක් ද සිදු කර තිබේ.

පාදෙණිය ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවා පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.

මෙම සිසුවා පසුගිය සෙනසුරාදා දිනයේ සිය මිත්තනියගේ නිවසට යන බව පවසා නිවසින් බැහැරව ගොස් ඇති අතර එදින සිට අද දක්වා ඔහු පිළිබඳ කිසිඳු තොරතුරු සොයා ගැනීමට හැකි වී නැත.

දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පාර්ශව කිහිපයකින් පොලීසිය ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබේ.

මේ අතර මෙම දරුවා මේ වන විට වේල්ලවීදිය පොලීසිය භාරයේ රඳවා ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.

මොහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වේල්ලවිදීය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.