කාවන්තිස්සපුර ඇළට කත බිලි

කාවන්තිස්සපුර ඇළට කත බිලි

October 21, 2017   11:08 am




සේරුනුවර, කාවන්තිස්සපුර ඇළේ ගිළීමෙන් කාන්තාවක මියගොස් තිබේ.

කාවන්තිස්සපුර ඇළට දිය නෑමට ගිය කාන්තාවක මෙලෙස දියේගිළී ඇති බව පොලීසිය පැවසුවේය.

දියේ ගිළීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ අදාළ කාන්තාව සේරුනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ සේරුනුවර, නව නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.