තමීම් ඉක්බාල් සංචිතයෙන් ඉවත්වෙයි
October 21, 2017 10:45 am
දකුණු අප්රිකානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශ සංචිතයෙන් තමීම් ඉක්බාල් ඉවත්ව තිබේ.
පුහුණුවීම් තරගයක් අතර තුර ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු හට එම තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව තමීම් ඉක්බාල් යළි බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.
ආබාධ තත්ත්වය හේතුවෙන් තමීම් ඉක්බාල් හට නොවැම්බර් මස ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග කිහිපයකට සහභාගිවීම අවිනිශ්චිත වනු ඇති බව සඳහන්ය.