ආණ්ඩුව විසින් ණය ලබාගැනීම හාස්‍යජනක කරුණක්

ආණ්ඩුව විසින් ණය ලබාගැනීම හාස්‍යජනක කරුණක්

October 21, 2017   09:16 am



ඉදිකර ඇති අධිවේගී මාර්ග විදේශීය සමාගම් වෙත පැවරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවස්නේ එවැනි වාතාවරණයක් තුළ තවත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා ආණ්ඩුව විසින් ණය ලබාගැනීම හාස්‍යජනක කරුණක් බවයි.

වළස්මුල්ල, විජයසිරිපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.