බසය ඇළට පෙරළී 14ක් රෝහල් යයි

බසය ඇළට පෙරළී 14ක් රෝහල් යයි

October 21, 2017   09:06 am



උහන - අම්පාර මාර්ගයේ වීරගොඩපොල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මධ්‍යම කඳවුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පාසල් සිසුන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරුකර යවා තිබේ.

මධ්‍යම කඳවුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.