කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගය අවහිරයි

කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගය අවහිරයි

October 21, 2017   07:07 am



හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් එහි වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

ගිනිගත්හේන පොලීසිය පවසන්නේ ගිනිගත්හේන - මිල්ලගහමුල ප්‍රදේශයේ එම නායයෑම සිදුව ඇති බවයි.

අළුයම 2.30ට පමණ මාර්ගය අසළ පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස හැටන් කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් එහි ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.