විදෙස් රටවල ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් ගැන රජයේ වගකීමක් නෑ
October 20, 2017 04:36 pm
නීති විරෝධීව විදෙස් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් රජය කිසිදු වගකීමක් නොදරන බව විදේශ රැකියා නියුක්ති කාර්යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පෙන්වා දෙන්නේ මැදපෙරදිග ඇතුළු රටවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 15 ක පමණ පිරිසක් සේවය කරන අතර තවත් සැලකිය යුතු ශ්‍රමිකයින් පිරිසක් නීති විරෝධී ලෙස විවිධ රටවල සේවය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
නීත්‍යානුකූල නොවන අයුරින් රැකියාවල නිරතවන්නන් පිළිබඳව දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රස් ඇතුළු රටවලින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සඳහන් වෙයි.
එලෙස නීති විරෝධීව රැඳී සිටීම එම රටවල නීති රීති උල්ලංඝණය කිරීමක් වන අතර එය දඩුවම් ලැබිය හැකි වරදක් බව විදේශ රැකියා නියුක්ති කාර්යංශය පෙන්වා දෙයි.
නීති විරෝධීව සේවය කරමින් සිට සිරගත වීමකදී, රෝහල්ගත වීමකදී හෝ මියගිය විටදී සිදුවන වියදම් පිළිබඳව කිසිඳු වගකීමක් භාර නොගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අවධාරණය කරයි.
මේ හේතුවෙන් තම ඥාතියෙකු හෝ හිතවතෙකු විදේශගත වී නීති විරෝධීව රැකියාවක නිරත වන්නේ නම් ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන ලෙස විදේශ රැකියා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.