ඇවන්ගාඩ් සභාපතිට විදෙස් ගත වෙන්න අවසර

ඇවන්ගාඩ් සභාපතිට විදෙස් ගත වෙන්න අවසර

October 20, 2017   02:57 pm

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට විදෙස් ගතවිම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබාදී තිබේ.

ලබන වසරේ මාර්තු මස 01 වනදා දක්වා අදාල අවසරය ලබාදුන් අධිකරණය නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇපකරයක් මත මුදාහැරිමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදය කුමාර් පැවසුවේය.

එමෙන්ම නිශ්ශංක සේනාධිපති මහතා සෑම නඩු දිනයකම අධිකරණය ඉදිරියේ පෙනී සිටිම අනිවාර්ය බවත් එම නියෝග කඩ කළොත් ඉදිරියේදී විදේශ ගත වීමට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව ද මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.

රුපියල් ලක්ෂ 355ක අල්ලස් දීම හා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සේනාධිපති මහතාට හා ආරක්ෂ අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයාට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබුණි. 

අල්ලස් කොමිසම විසින් පනවා තිබු මෙම නඩුව දෙසැම්බර් මස 6 වන දා තෙක් කල් තබා ඇත.