මියෙන්මාර සරණාගත සිදුවීම-පූජ්‍ය අරඹේපොල හිමි අත්අඩංගුවට
October 20, 2017 02:23 pm
ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රදවාසිටි ස්ථානයක් අසල නොසන්සුන්කාරිව හැසිරිමේ සිද්ධියට අදාලව පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට ගෙන තිබේ.
අද(20) උදෑසන නිට්ටඹුව පොලිසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් උන්වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි සහ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ට පසුගිය දෙවනදා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදු කර තිබුණි.
කෙසේ වෙතත් එදින අරඹේපොල රතනසාර හිමි අපරාධ කොට්ඨාසයට පැමිණ තිබුණේ නැහැ.