අවශ්‍යතා නිසා තීන්දු වෙනස් කරන්න බෑ
October 20, 2017 01:09 pm
වත්මන් රජය බලයට පත් වූයේ නිවැරදි තීරණ සෘජුව ක්‍රියාත්මක කිරිම සඳහා බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජය මෙන් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත තීන්දු වෙනස් කිරිමට යහපාලන රජයට නොහැකි බවයි.
කොට්ටාව ප්‍රදේශයේ පැවැති වප් මගුල් උත්සවයකට එක්වෙමින් දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පල කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යරවරයා පැවසුවේ දේශපාලනික වශයෙන් බෙදීම් ඇති කර ගත යුත්තේ මැතිවරණයේදී පමණක් වන බවයි.