බැටන් පොලු වෙනුවට යකඩ පොලු

බැටන් පොලු වෙනුවට යකඩ පොලු

October 20, 2017   12:19 pm

පොලිසිය බැටන් පොලු වෙනුවට යකඩ පොලු භාවිත කරමින් විරෝධතාකරුවන් මර්දනය කිරිමට පියවර ගන්නා බවට පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ විරෝධතා පාලනය කිරිමට කටයුතු කරන ආකාරයෙන් වර්තමාන රජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බවයි.