වවුනියාවේ කඩු ගත් කල්ලියක් වෙළෙඳසලකට පහරදී දෙදෙනෙකු කපයි

වවුනියාවේ කඩු ගත් කල්ලියක් වෙළෙඳසලකට පහරදී දෙදෙනෙකු කපයි

October 20, 2017   11:55 am

යතුරුපැදිවලින් පැමිණි කඩු කල්ලියක් ඊයේ(19)  රාත‍්‍රියේ වවුනියාව පණ්ඩාරිකුලම ප‍්‍රදේශයේ වෙළෙඳ සලක් කඩා පුද්ගලයින් දෙදෙනෙකු කපා දමා ඇති බව වවුනියාව පොලිසිය පැවැසීය.

ඊයේ රාත‍්‍රි 7.45 ට පමණ මෙම සිදුවීම වී  ඇති අතර, අදාළ කණ්ඩායම වෙළෙඳ සැල වෙත දැඩි අලාභ හානි සිදුකොට ඇති බව වාර්තා වේ.

කඩු රැගෙන පැමිණි හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම පහරදීම් සිදුකොට ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

 මෙම සිදුවීමට අමතරව වවුනියාව කට්පහපුරම් ප‍්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු කපා දමා ඇති බව පොලිසිය පැවැසීය.

කැපුම් තුවාල ලැබු පුද්ගලයින් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.

 සිද්ධීන්ට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.