තේරීම් කමිටුවෙන් තීරණයක්
October 20, 2017 10:42 am
ලාහෝර්හිදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරඟය සදහා සහභාගී නොවන ක්‍රීඩකයින් සෙසු තරඟ දෙක සඳහා ද නම් නොකිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඇතැම් ක්‍රීඩකයින් ලාහෝර් තරඟය සඳහා සහභාගීවිමට අකමැත්ත ප්‍රකාශ කර තිබූ අතර අද දිනයේදී එම ක්‍රීඩකයින් කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනිමෙන් පසු පන්දුවාර 20යි 20 තරඟාවලිය සඳහා කණ්ඩායම නම් කිරිමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ පකිස්ථාන කණ්ඩායම අතර සිව්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය අද පස්වරුවේ සාජාහිදී පැවැත් වෙයි.