කඩවතට අද පැය 12ක් වතුර කැපෙයි
October 20, 2017 10:30 am
කඩවත ස්ථාන කිහිපයක අද(20) පෙ.ව. 9.30 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව නුවර කොළඹ පාර, කඩවත කිරිබත්ගොඩ, පුෂ්පාරාම පාර, ගනේමුල්ල පාර, රාගම පාර, කඩවත නගරය හා ගෝනහේන පාර යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.
අද උදෑසන කඩවත පොලීසිය අසල හදිසියේ ජල නලයක් පුපුරා ගොස් තිබිණි. එනිසා හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනු ලබන බව මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් පාරිභෝගිකයින්ට ඇති වන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන අතර ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ද මණ්ඩලය දැනුම් දෙයි.