හැදෑරු උපාධිය හැර වෙනත් විෂයක් උගන්වන්න බෑ
October 20, 2017 09:59 am
තමන් හැදෑරූ උපාධිය හැර වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනිම නැවැත්විමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
රත්නාවලී බාලිකා විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගුරුහිඟය පියවීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කර ඇති බවයි.
එම අවස්ථාවට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ද එක් වු අතර ඔහු කියා සිටියේ රටේ අනාගය සඳහා කාන්තාවන් ශක්තිමත් කළ යුතු බවයි.