ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ජනසතු කිරීම අද

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ජනසතු කිරීම අද

October 20, 2017   08:55 am

දිළිදුකම පිටු දැකිමේ “ ග්‍රාම ශක්ති“ ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවය අද(20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි.

අද පස්වරු 02.00ට  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව 2030 වර්ෂය වන විට දිළිදුකමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

2017 වසර දිළිදුකම පිටුදැකීමේ වර්ෂය ලෙස නම් කර ඇති අතර දිළිදු ජන සංඛ්යාසව වැඩි වශයෙන් ජිවත්වන දිස්ත්‍රික්ක වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර දමිළ  සිරකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ඉල්ලීම් සඳහා විසදුම් පිළිබඳ ප්‍රකාශයක් ලබන සතිය තුළදී සිදු කරන බව ජනාධිපතිවරයා උතුරේ නියෝජිතයින්ට ප්‍රකාශ කර තිබේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් ඊයේ(19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.

යුද සමයේ සිදුවිම් හේතුවෙන් සිරදඩුවම් ලබාසිටින සහ චෝදනාවලට ලක්ව බන්ධනාගාර ගත කර සිටින දමිළ සිරකරුවන් සම්බන්ධයෙන් එම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිහිපයක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

ඒ අනුව චෝදනාවට ලක් වූවන් සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණයේ පවතින නඩුව වව්නියාව අධිකරණයට මාරුකිරිම සඳහා නීතිපතිවරයා මඟින් අධිකරණයට කරුණු දැක්විමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

අදාල සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡාව තුළින් වැරදි මත මගහරවා ගැනිමට අවස්ථාව උදාවන බවයි.