අනතුරු 4යි-මරණ 4යි-2ට තුවාලයි
October 17, 2017 12:36 pm
ප්රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.
ගිරිඋල්ල, ආඩිගම ප්රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු මියගොස් ඇති බව සඳහන්ය.
කුරුණෑගල, මල්කළුවාව ප්රදේශයේදී මාර්ගයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
කඩවත, ඉදිගහමුල ප්රදේශයේදී තවත් පදික පුද්ගලයෙකු ජීප් රථයක ගැටීමෙන් මියගොස් තිබේ.
ඊයේ රාත්රී බටපොල, පොල්ලැව්ව ප්රදේශයේදී මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයෙකු ත්රීරෝද රථයක ගැටීමෙන් මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.