ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට

October 17, 2017   11:17 am



නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

තමිල්නාඩු, රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ධීවරයින් මන්නාරම නාවික හමුදා කඳවුර වෙත ගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.