කොලොන්නාවේ අතුරුදන් තරුණියන් සොයා පොලිස් පරීක්ෂණ

කොලොන්නාවේ අතුරුදන් තරුණියන් සොයා පොලිස් පරීක්ෂණ

October 17, 2017   11:05 am

දින තුනක සිට අතුරුදන්ව සිටින කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි තරුණ මවක් සහ පාසල් වයසේ දැරියන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම තිදෙනා පසුගිය සෙනසුරාදා පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණේ ඇදුම් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්ය.

කොළොන්නාව සාලමුල්ල නිවාස සංකීර්ණයේ 6 වැනි මහලේ පදිංචි මලිති වත්සලා පෙරේරා 19 හැවරිදි මවක්.

මලිතිට දාව වයස අවුරුදු එකහමාරක ගැහැණු දරුවකුද වෙයි.

ඇගේ ස්වාමි පුර්ෂයාගේ සහෝදරියක් වන යසන්ති මදුෂානි  සහ අසල්වාසී චරිත්‍රා චන්ද්‍රෙස්කරන් නොහොත් ස්වේතා නැමති ද්‍රවිඩ තරුනියක් ද අතුරුදහන් වූ අය අතර වෙයි.

මදුෂානි සහ ස්වේතා පිළිවෙලින් වයස අවුරුදු 15 සහ 14 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.

මේ සියලුදෙනා පදිංචිව සිට ඇත්තේ සාලමුල්ල නිවාස සංකීර්ණයේ 6 වැනි මහලේයි.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ මොවුන්  නාගලන්විදිය ඔරුගොඩවත්තේ පිහිටි මලිතිගේ පියාගේ නිවස වෙත පැමිණ පසුව ඇඳුම් මිලදි ගැනිමට අවශ්‍ය බව පවසා  පිටත්ව ගොස් තිබුණි.

මේ අතර අද උදෑසන විවාහක මලිතිගේ ස්වාමිපුරුෂයාගේ  දුරකතනයට අතුරුදහන්වූ ද්‍රවිඩ තරුණිය දුරකතන ඇමතුමක් දී ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අතුරුදන් වු ද්‍රවිඩ තරුණියන්ගේ දෙමාපියන් පවසන්නේ කිසියම් පිරිසක් විසින් මොවුන් සිර කර ගෙන ඇති බවට තමන් සැක කරන බවයි.

මේ අතර අතුරුදන්වූ තරුණ මව සහ සෙසු තරුණියන් තිදෙනාගේ පවුලේ සාමාජිකයින් අද පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසියට හා ග්‍රෑන්පාස් පොලිසියට පැමිණ පැමිණිලි ඉදිරිපත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ තරුණියන් සොයා අදාළ පොලිස් ස්ථාන දෙක පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.