අනිකා රට හැර ගිහින්

අනිකා රට හැර ගිහින්

October 17, 2017   10:47 am

කුලී පදනම මත හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අර්ජුන් ඇලෝෂියස් මහතා හරහා නිවසක් ලබා දුන් අනිකා විජේසූරිය මහත්මිය විදෙස් ගත වී ඇති බව අනාවරණය වී තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ පවසා සිටියේ අනිකා විජේසූරිය මහත්මියට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඇය විදෙස්ගත වී ඇති බවයි.

මේ අතර අර්ජුන් ඇලෝෂියස් මහතාගේ පෞද්ගලික සහයක ස්ටීව්  සැමුවෙල් මහතා අද කොමිසම හමුවේ පෙනී සිට තිබේ.

ඒ මීට පෙර අවස්ථාවක කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම් දීමකට අනුවය.

නීතිඥයින් මාර්ගයෙන් ඔහු කොමිසම වෙත මීට පෙර දන්වා තිබුණේ  තමන් පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට කටයුතු කරන බවයි.