කැබ් රථයේ ගැටී අවසන් ගමන් යයි

කැබ් රථයේ ගැටී අවසන් ගමන් යයි

October 17, 2017   08:46 am



කොළඹ - වැල්ලවාය මාර්ගයේ - අම්බලන්තොට නගරයේ දී සිදුවු රිය අනතුරකින් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු මියගොස් තිබේ.

මාර්ගයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී කැබ් රථයක ගැටීමෙන් අදාළ ‍ සිවිල් ආරක්ෂක නිලධාරියා අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු එම නිලධාරියා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.