ලැව්ගිනි නිසා 31ක් මරුට
සයුරෙන් එතෙර

ලැව්ගිනි නිසා 31ක් මරුට

October 17, 2017   08:42 am




පෘතුගාලයේ මධ්‍යම සහ උතුරු ප්‍රදේශවල හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තිබේ.

පිළිස්සීම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම ඇතැම් මාර්ග මෙන්ම පාසල් ද ලැව්ගිනි හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

සතියක කාලයක් පුරා මෙම ලැව්ගිනි වාර්තා වන අතර එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.