මියෙන්මාර් සරණාගතයින් පිළිබඳ සිද්ධිය-5ට ඇප

මියෙන්මාර් සරණාගතයින් පිළිබඳ සිද්ධිය-5ට ඇප

October 17, 2017   08:34 am





මියෙන්මාර් සරණාගතයින් පිළිබඳ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් පස් දෙනෙකු ඇප මත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුජ්‍ය අක්මීමන දයාරත්න හිමියන්ට පසුගිය 10 වන දින ඇප ලබාදෙනු ලැබීය.

ඊට සම්බන්ධ තවත් සැකකරුවන් හත් දෙනෙකු ඊයේ දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් පස්දෙනෙකුට ලක්ෂ පහ බැඟින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සුරේෂ් ප්‍රියසාද් සහ ප්‍රගති චානක යන අය ලබන 30 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර  ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඇප ලබාදුන් සැකකරුවන් යළිත් මෙවැනි වරදකට සම්බන්ධ වුවහොත් ඔවුන්ගේ ඇප අවලංගු වන බැවින් මෙම සැකකරුවන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව පොලීසිය දිගින් දිගටම සුපරික්ෂාකාරීව සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.