රටේ අනාගතය උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා

රටේ අනාගතය උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා

October 17, 2017   08:05 am


වත්මන් ආණ්ඩුව රට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බිහිකර ඇති ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ අනාගතය උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග වත්මන් රජය දියත් කරමින් සිටින බවයි.

ගල්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.