බැසිල්ගෙන් අනාවැකියක්

බැසිල්ගෙන් අනාවැකියක්

October 12, 2017   10:57 pm

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ප‍්‍රාදේශීය සභා 200කට වැඩි සංඛ්‍යාවක ජයග‍්‍රහණය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සිය පක්ෂයට සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි.

පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ද එහිදී මාධ්‍යවේදියෙකු බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.