උප්පැන්න-විවාහ-මරණ රෙජිස්ටර්වරුන්ගේ ගුණාත්මකභාවය ඉහළට

උප්පැන්න-විවාහ-මරණ රෙජිස්ටර්වරුන්ගේ ගුණාත්මකභාවය ඉහළට

October 12, 2017   10:52 pm

උප්පැන්න, විවාහ හා මරණ රෙජිස්ටර්වරුන්ගේ සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමට රජය කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

එම සේවාව ඉතා භාරදූර කාර්යයක් වන අතර මෙතෙක් එම සේවයේ නිරතවූවන් නිසි ඇගයීමකට ලක්ව නොමැති බව අමාත්‍යවරයා පවසයි.

මේ පිළිබඳව සැලකිල්ලට ගෙන රජය උප්පැන්න, විවාහ හා මරණ රෙජිස්ටර්වරුන් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටර්් ජනරාල් දෙපාර්තමේන්තුවේ පැවති කොළඹ දිස්ත‍්‍රික්ක උප්පැන්න, විවාහ හා මරණ රෙජිස්ටර්වරුන්ගේ සංගමයේ සංවත්සර උත්සයට  එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.