සීමාව කැඩූ ඉන්දීය ධීවරයින් 5ක් අත්අඩංගුවට
October 12, 2017 10:42 pm
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම ප්‍රදීපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් එකොලහමාරක පමණ දුරක ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.
එහිදී ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවක් සහ ධීවර කටයුතු සඳහා යොදාගත් උපකරණ ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදීමට පියවර ගන්නා බව නාවික හමුදාව පැවසුවේය.