උතුරු නැගෙනහිර ඩෙංගු මර්දනය 13 දා සිට

උතුරු නැගෙනහිර ඩෙංගු මර්දනය 13 දා සිට

October 12, 2017   08:16 pm

උතුරු නැගෙනහිර පළාත්වල ඩෙංගු මර්දන වැඩසටහන් ලබන 13 වන දින සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ දැනට පවතින වැසි තත්ත්වය හේතුවෙන් යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් තත්ත්වයක් පවතින බවයි.

මදුරු මර්නද වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය ලබාගැනීමට ද නියමිතව තිබේ.

ඩෙංගු මදුරු මර්දන සහායකයින් 109කට පත්වීම් ලබාදීමේ උත්සවයකට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.