ගෙයක් හදන්න තේක්ක ගහක් කපන්න ගිය කත පොල්ගහකට යටවී මරුට

ගෙයක් හදන්න තේක්ක ගහක් කපන්න ගිය කත පොල්ගහකට යටවී මරුට

October 12, 2017   06:42 pm

හිගුරක්ගොඩ බටුකොටුව ප‍්‍රදේශයේ ගසක් කපන ස්ථානයේ රැඳී සිටි 45 හැවිරිදි  කාන්තාවක්  එම පොල් ගසට  යටවීමෙන් අද (12) පස්වරු 3.00ට පමණ  හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හිගුරක්ගොඩ  පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 44/1 යෝදඇළ, බටුකොටුව හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචි එළියදුරගේ  ශ්‍රියාණි මල්ලිකා (45) හැවිරිදි  තිදෙරු මවකි.

 මිය ගිය කත තම  නිවස සදා ගැනීම සදහා ගස් කපන පුද්ගලයෙකු මාර්ගයෙන්  තේක්ක ගසක් කැපීමට කටයුතු කර ඇත.

ඒ අවස්තාවේ මිය කාන්තාවද එම ස්ථානයේ රැඳී සිට ඇත. එක්වරම තේක්ක ගස  පොල් ගසක් මතට වැටී පොල් ගස කැඩි මියගිය කාන්තාවගේ ඇගට වැටී මෙම අනතුර සිදුවී තිබේ.

 මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ හිගුරක්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබයි.