දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

October 12, 2017   01:00 pm

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ප්‍රවාහන නියෝජ්‍ය  අමාත්‍ය අශෝක අබේසිංහ පැවැසීය.

දුම්රිය රියැදුරු වර්ජනය  සහ එ් පිළිබඳ අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී අමාත්‍යවරයා මේ කරුණ අනාවරණය කළේය.

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් දැන් සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වර්ජනයේ නියුතු දුම්රිය රියැදුරන්ට හා නියාමකයින්ට වර්ජනය අත හැරීමට පැයක කාලයක් ලබා දී ඇති බවත්  ඒ කාල සීමාව ඇතුළත වර්ජකයන් යහපත් ප්‍රතිචාරයක් නොදැක් වුවහොත් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.