නීතිවිරෝධී වෙළඳ සැලක් උකුසු ඇසට
October 12, 2017 12:14 pm
නීති විරෝධී අන්දමින් ලිහිසි තෙල් බෝතල්වල මිල වෙනස් කර අලෙවිකරන වෙළඳසැලක් පිළිබඳව අද දෙරණ උකුස්සාට හම්බන්තොට පල්ලෙමලල ප්රදේශයෙන් අනාවරණ විය.
ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකිවුණේ අලෙවිකිරීම සඳහා සූදානම්කර තිබූ මිල වෙනස් කළ ලිහිසි තෙල් බෝතල් තොගයක්.
අනතුරුව මෙම ජාවාරම පිළිබඳව කරුණු තහවුරුකර ගත් උකුස්සා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසු ඔවුන් සමඟ එම ස්ථානයට ගියේය.
එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වෙළඳසැලේ අලෙවිකිරීම සඳහා සූදානම්කර තිබූ ලිහිසිතෙල් තොගයක් සිය බාරයට ගනුලැබීය.
වෙළඳසැලේ හිමිකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී ඔහු වැදගත් කරුණු රැසක් උකුස්සාට අනාවරණය විය.
මෙහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් වෙළඳසැලේ හිමිකරුට හම්බන්තොට අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
ඉදිරියේදීත් මෙවැනි ජාවාරම්කාර සිද්ධී රටහමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.