ලැව් ගිනිවලින් මියගිය ගණන 23 දක්වා ඉහළට
සයුරෙන් එතෙර

ලැව් ගිනිවලින් මියගිය ගණන 23 දක්වා ඉහළට

October 12, 2017   10:34 am

කැලිෆෝනියාවේ හටගත් ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 23ක් දකවා ඉහළ ගොස් තිබේ.

උතුරු දිග කැලිෆෝනියාවේ තවදුරටත් පවතින ලැව් ගිනි පැතිරීමේ අවධානම හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හටගත් ලැව් ගිනි හේතුවෙන් අක්කර 17,000ක පමණ භූමි ප්‍රදේශයක් සහ නිවාස 3500ගකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සඳහන් වෙයි.