අශීෂ් නෙහෙරා ජාත්‍යන්තරයෙන් ක්‍රිකට් දිවියට සමුදෙයි

අශීෂ් නෙහෙරා ජාත්‍යන්තරයෙන් ක්‍රිකට් දිවියට සමුදෙයි

October 12, 2017   09:52 am

වසර 18ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අශීෂ් නෙහෙරා තීරණය කර තිබේ.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සමඟ ලබන නොවැම්බර් මස පළමුවනදා පැවැත්වෙන 20යි20 තරඟය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරඟය වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ 1999 වසරේ පෙබරවාරි මාසයේ පැවති ටෙස්ට් තරඟාවලියේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් නෙහෙරා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 17කට සසහභාගී වී තිබේ.

2004 වසරේ අප්‍රේල් මාසයේදී පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව එක්දින වරම් හිමිකරගත් ඔහු එක්දින තරඟ 120කට සහභාගී වී කඩුලු 157ක් බිඳ හෙලා ඇති බව සඳහන් වෙයි.

38 හැවිරිදි අශිෂ් නෙහෙරා අවස්ථා ගණනාවකදී විවිධ ආබාධයන්ට ලක් වූ අතර ශල්ය කර්ම 12කට පමණ ඔහු මුහුණ දී ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මෙන්ම දේශීය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලින් ද සමු ගැනීමට අශිෂ් නෙහෙරා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.