අපහසාත්මක දැන්වීම් ගැන රංගේ බණ්ඩාර කණගාටු වෙයි

අපහසාත්මක දැන්වීම් ගැන රංගේ බණ්ඩාර කණගාටු වෙයි

October 7, 2017   12:55 pm



මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් හට සමාජ ජාල හරහා පල කරනු ලබන අපහසාත්මක දැන්වීම් පිළිබඳ දැඩි කණගාටුව පළ කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පවසන්නේ එවන් අපහාසාත්මක පල කිරීම් සමස්ත බුද්ධ ශාසනයකටම සිදුකරනු ලබන අපහාසයක් බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව තුළ විශාල විශ්වාසයක් වර්තමානය වන විට ගොඩනැගී ඇති බව නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

එප්පාවල ප්‍රදේශයේ පැවැති මුස්ලිම් ජන හමුවකට එක්වෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.