වප් පෙහොය අදයි

වප් පෙහොය අදයි

October 5, 2017   10:48 am


වප් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

ඇසල පොහො දිනයෙන් ආරම්භ වන වස්සාන සමයේ අවසාන පොහොය ලෙසෙ වප් පොහොය සැලකෙන අතර කඨින මහා පිංකම ආරම්භවිම අද‍(05) දිනයේ සිට සිදු වෙයි.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ බුදුන්වහන්සේ දෙව්ලොවින් නික්ම, දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ ද අද වැනි පොහොය දිනකයි.

වප් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇති අතර එෆ්.එම් දෙරණ අසපුව පෝදා සජීවි වැඩසටහන මෙවර කුලියාපිටිය, වෙහෙරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ සිට සිදු කරනු ඇත.