මාස 8ක් තුළ අල්ලස් ගත් රජයේ සේවකයින් 33ක් අත්අඩංගුවට

මාස 8ක් තුළ අල්ලස් ගත් රජයේ සේවකයින් 33ක් අත්අඩංගුවට

October 4, 2017   12:07 pm



මේ වසරේ ගත වූ මාස 08 ක කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

එම කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ කොමිසම සිදුකළ විමර්ශන 31 ට අදාළව එම කාලය තුළ රාජ්‍ය සේවකයින් ඇතුළු පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.