කසළ තේ සමඟ 2ක් අත්අඩංගුවට

කසළ තේ සමඟ 2ක් අත්අඩංගුවට

September 25, 2017   10:19 pm



මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ , හොද තේ සමඟ මිශ්‍ර‍ කර අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන ස්ථානයක් වටලමින් කසළ තේ සමඟ සැකකරුවන් අත්අඩංගුව ගැනීමට දිඹලපතන පොලීසිය සමත් වී තිබේ.

දිඹුලපතන පොලිස්බල ප්‍රදේශයට අයත් කොටගල නගරයේ - කොටගල මහජන ක්‍රීඩාංගනය ආසන්නයේ ඉතා රහසිතගව දිර්ඝ කාලයක සිට පවත්වාගෙනයනු ලැබු මෙම කසළ තේ හොද තේ සමඟ මිශ්‍ර‍ කර අලෙවි කිරීමේ ස්ථානය වටලමින් සැක කරුවන් දෙදෙනෙක් හා ලොරි රථයක් සමඟ කසළ තේ කිලෝ දෙදහසක් පමණද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවලින් ඉවතලන කසළ තේ තොග වශයෙන් රැගෙන එන මොවුන් එම ස්ථානයේදී නැවත අඹරා හලාගෙන හොද තත්ත්වයේ තේකුඩු සමඟ මිශ්‍ර‍ කර පිට පළාත්වලට ගෙන ගොස් තොගවශයෙන් අලෙවි කිරීම සිදුකරන බව පරීක්ෂණවලින් ආවරණය වී තිබේ.

මස්කෙළිය ප්‍රදේශයේ සිට ඉවතලන කසළ තේ තොගයක් මෙම ස්ථානයට රැගෙන එමින් සිටියදී පොලීසියට ලද තොරතුරක් මත ලුහුබදිමින් පැමිණ අදාළ ස්ථානය වටලා පරීක්ෂාවට ලක්කර අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් එක් සැක කරුවෙක් ගම්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා කොටගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරුවන් හා ලොරිරථයද සමඟ කසළ තේ තොගය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.