අනතුරින් 1ක් මරු දකියි

අනතුරින් 1ක් මරු දකියි

September 24, 2017   03:02 pm



හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ - කෝරළඉම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

හොරණ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ, ගනේතැන්න කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි අයෙක් බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.