දෙල්නේගම සැක කටයුතු මරණයක්

දෙල්නේගම සැක කටයුතු මරණයක්

September 24, 2017   03:00 pm




අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ - බෙල්ලන්කඩව, දෙල්නේගම හන්දිය ආසන්නයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සෙයාගෙන ඇති බව පොලීසිය පවසයි.

තඹුත්තේගම පොලීසියට ලද තොරතුරක් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙම මරණය සැකකටයුතු බවත්, ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.