උතුරේ පොලිස් ප්‍රධානීන් ආණ්ඩුකාරවරයා මුණගැසේ

උතුරේ පොලිස් ප්‍රධානීන් ආණ්ඩුකාරවරයා මුණගැසේ

September 24, 2017   01:43 pm

උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් උතුරේ පොලිස් ප්‍රධානීන් සහ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර  විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ආණ්ඩුකාර කාර්යාලයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.

උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රීක්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවේදී උතුරේ ආරක්ෂාව, පොලිස් රාජකාරී, රථවාහන හා මාර්ග නීති මෙන්ම ප්‍රජා පොලිස් ඒකක හරහා ජනතාවට ලැබෙන සේවාවන් පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

එමෙන්ම  උතුරේ තාවකාලිකව ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන රජයට අයත් ඉඩම්වල ඉදි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.