නිර්මලී මාරු නොකළැයි බන්ධනාගාර රෝගීන්ට දින 5ක් බෙහෙත් නෑ

නිර්මලී මාරු නොකළැයි බන්ධනාගාර රෝගීන්ට දින 5ක් බෙහෙත් නෑ

September 22, 2017   04:35 pm

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති  වැඩ වර්ජනය හේතුවෙන් බන්ධනාගාර රෝගීන් සදහා දින 5කින් ප්‍රතිකාර ලැබී නැති බව රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා සංවිධානය පවසයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්මලී තේනුවර මාරු කිරීමට  ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය ඵල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බන්ධනාගාර රෝහලේ මෙම වෛද්‍යවරිය ස්ථාන මාරුකිරීමට කටයුතු කළ බවට පුවත්පත් නිවේදනයක් නිකුත් කරනු ලැබූවද  මේ දක්වා එයා ක්‍රියාත්මක වී නැත.

වෛද්‍ය නිර්මලී තේනුවරට ලබ දී ඇති ස්ථාන මාරුව ක්‍රියාත්මක කර රැදවියන්ගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු නැවත කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.