වල්ලපට්ටා තොගයක් ගුවන් තොටුපලේදී වටලයි

වල්ලපට්ටා තොගයක් ගුවන් තොටුපලේදී වටලයි

September 22, 2017   04:32 pm

නීති විරෝධි ලෙස වල්ලපට්ටා තොගයක් මෙරටින් පිට කිරිමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අදාල වල්ලපට්ටා තොගය ඩුබායි බලා  රැගෙයාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අංඩගුවට ගත් බව රේගුව සඳහන් කළේය.

එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබී වල්ලපට්ටා කිලෝග්රෑ ම් 50ක් ගුවන් තොටුපල රේගුව විසින් සොයාගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බව ගුවන් තොටුපල රේගුව සඳහන් කළේය.

සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල වල්ලපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර  අත්අඩංගුවට ගත් පුද්ගලයාට රුපියල් ලක්ෂ 03ක දඩයක් නියම කර තිබේ.