පනතට අනුව ඡන්දය ජනවාරියේදී

පනතට අනුව ඡන්දය ජනවාරියේදී

September 22, 2017   04:12 pm

මැතිවරණ කොට්ඨාස ක්‍රමය නැවත මෙරට ඡන්ද ක්‍රමයට එකතුවන මැතිවරණ ක්‍රමයක් පනතට අනුව ඉදිරි මාස හතර ඇතුළත පවත්වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද(22) කිරුලපන දී පැවති ජාතික ව්‍යාපාර කළමණාකරන ආයතනයේ නව නිර්මාණ අංශය විවෘත්ත කිරීමට පැමිණි අවස්ථාවේදීය. 

මැතිවරණ කල් දැමීමට කිසිදු අදහසක් ආණ්ඩුවට නොමැති බවත් ජනවාරී මාසයේදී නිසැකවම මැතිවරණය පවත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කඩිනමින් මැතිවරණ පවත්වන ලෙසත් ජනතා බලාපොරොත්තු ඉටු කරන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම කියා සිටි අතර ජනතාව බලාපොරොත්තු වන්නේ පවතින සමානුපාතික නියෝජන ක්‍රමය ඉවත් කරමින් ජනතාවට පිළිතුරු දෙන මන්ත්‍රීවරයෙකු බිහිකිරීම බවයි.

ඒ අනූව ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණ මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට කටයුතු සූධානම් කර ඇති බව තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.