නීති විරෝධි දුම්වැටි 14,800ක් පොලිස් බාරයට

නීති විරෝධි දුම්වැටි 14,800ක් පොලිස් බාරයට

September 22, 2017   03:04 pm

කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපන ශාලාවකදී නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ විදෙස් ජාතික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී නීති විරෝධි දුම්වැටි 14,800ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔවුන් 32හැවිරිදි, 48 හැවිරිදි සහ 60 හැවිරිදි වියේ පසු වූ චීන ජාතිකයින් තිදෙනෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් අදාල විදේශිකයින් තිදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.