ඉතිහාසය වෙනස් කළ ධර්මරාජයින්
September 22, 2017 02:46 pm
මෙරට බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට හිමාල කඳු පන්තියට අයත් ලොව උසින් දෙවන ස්ථානය ගන්නා කේ 2 නමින් හඳුන්වන කඳු මුදුන තරණය කිරීමට මහනුවර ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම සමත් වී තිබේ.
පසුගිය අගෝස්තු මස 31 වන දා පකිස්ථානය බලා පිටත්ව ගිය මෙම පිරිස ලාහෝර් නුවරට ළඟාවීමෙන් පසු අක්පොලී ගම්මානයේ සිට කිලෝමීටර 180ක දුරක් පා ගමනින් ගමන් කර මුහුදු මට්ටමේ සිට මීටර 5400 ක පමණ උසකින් යුත් කේ 2 නමින් හඳුන්වනු ලබන මෙම කඳු මුදුන තරණය කර ඇත.
මෙම ගමනේ දී ඔවුන් තෝරා ගෙන තිබු ප්‍රදේශය කඳු තරණය කරන්නන් ලොව වඩාත්ම අවධානමක් සහිතව ගමන් කළ යුතු බිමක් වන අතර නිරන්තර පරිසර හා භූමි විපර්යාසයන්ට ලක්වන බල්තෝරා ග්ලැසියරය හරහා ගමන් කිරීමට ද මෙම බලාදක්ෂයින් පිරිස සමත් වී තිබේ.
ජනාධිපති බාලදක්ෂයන් 10 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මෙම අවස්ථාවට එක්වු අතර සිය සාර්ථක කඳු තරණයක ජයග්‍රාහී නිමාව සනිටුහන් කරමින් අද අලුයම අප මව් රටට ළඟා විය.